උදේ පාන්දර මගෙ මිනිහා කහට එක බොන්නෙත් නැතුව අදත් රේස් බුකියට ගිහින්!

Updated: Sep 30, 2018


මිනිසෙකු පිට නැගි අසරුවෙකි...... උදේ පාන්දර මගෙ මිනිහා කහට එක බොන්නෙත් නැතුව අදත් රේස් බුකියට ගිහින්. දැන් ප්ලේන්ටිය බොන්නෙත් එතනින්.

මිනිහටයි මටයි කහට වක්කරගන්නෙ දරුවො දෙන්නට සීනි ඩිංගක් දාලා තේ දෙන්න ඕන නිසයි. මොකො තාත්තා උනාට ගෙදෙට්ට කීයක් වත් වියදම් කරන එකක් යැ. ඕලෝන් එකක් වැඩකරපු දාට ඔන්න හාල් ටිකක් ගේනවා... කුකුල් මස් ටිකක් ගේනවා...ඒත් ඒකෙනුත් බාගයක් උන්දැටම තමයි..... අනේ..අපි කාලද බීලද... ඇයි මේ රේස් බුකි නැති කරන්න කිසි කෙනෙක් නැත්තෙ මහත්තයො!

මෙහෙම හූල්ලන අම්මලා, කාන්තාවො කී දෙනෙක් ඇද්ද මේ රටේ? කාගෙවත් ඇස් කන් යොමු නොවුණට බලන්න උදේට හවසට රේස් බුකි වල කේ දෙනෙක් ටී.වී. එක දිහා වාසනාව බලාපොරොත්තුවෙන් උඩ බලාගෙන ඉන්නවද කියලා?

අඩු ආදායම් ලබන පවුල් වල මේ කදුළු කතාවත් අපි අවසන් කරනවා. සංචාරක කර්මාන්තයේදි බලපත්‍ර සහිත ස්ථාන හැරුණුකොට, සියළුම රේස් බුකි 2020 න් පසු තහනම් කරමු.

එන්න... "උදාර ශ්‍රී ලංකා" සමඟ 2020 න් ඔබ්බට වඩා හොඳ ශ්‍රී ලංකාවක්!

Team #bettersrilanka All rights reserved by www.bettersrilanka.org